උතුරට සිංහලත්, දකුණට දෙමළත් උගන්වන්න සැලසුම්
උතුරේ දරුවන්ට සිංහලත් දකුණේ දරුවන්ට දෙමළත් ඉගැන්වීමේ ජාතික කාර්යය ඉටු කිරීමට වත්මන් රජය කැපවීමෙන් කටයුතු කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.
අධ්‍යාපන අමාත්‍යාංශය මගින් සංවිධානය කරනු ලැබූ දෙමළ භාෂා දින තරගවලින් ජයගත් ජයග්‍රාහකයන්ට ත්‍යාග හා සම්මාන ප්රදානය කිරීමේ උත්සවය අමතමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එසේ පවසා සිටියේය.
මහනුවර ධර්මරාජ විද්‍යාලීය ශ්‍රවණාගාරයේදී අද (23දා) මෙම උත්සවය පැවැත්විණි.
මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙසේද පැවසීය.
“භාෂාව කියන්නේ විද්‍යාවක්, කලාවක් වගේම ශාස්ත්‍රීය විෂයයක්. මේ සියලු අංශවලින් භාෂාව හදාරන්න වෙනවා. ලෝකයේ බොහෝ රටවල භාෂාව මුල්කර ගෙන ගැටුම් ඇතිවී තිබෙනවා. අවාසනාවකට ඒ අමිහිරි අත්දැකීමට අපේ රටත් මෙයට පෙර මුහුණදී තියෙනවා. භාෂාව තියෙන්නේ අදහස් හුවමාරු කරගන්න පමණයි. භාෂාව ගැටුමක් ඇති කර ගත යුතු දෙයක් නෙවෙයි.”
මොහොමඩ් ආශික්
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
