උතුරට පිටින් රා තහනම් කිරීමේ යෝජනාව සම්මතයි
දකුණේ සිට උතුරට මින් ඉදිරියට බෝතල් කළ රා ප්‍රවාහනය කිරීම හා විකිණීම තහනම් කෙරෙණ යෝජනාවක් උතුරු පළාත් සභාව විසින් සම්මත කොට ඇත.
උතුරු පළාත් කෘෂිකර්ම අමාත්‍ය පී.අයින්කරනේසන් විසින් මේ යෝජනාව පළාත් සභාවට ඉදිරිපත් කොට ඇති අතර ඊට පළාත් සභාවේ සෙසු මන්ත්‍රීවරුන්ගේ අනුමැතිය ලැබී ඇත.
යෝජනාව ඉදිරිපත් කළ අමාත්‍යවරයා පවසා ඇත්තේ උතුරේ කාලාන්තරයක් සිට කෙරෙන රා මැදීමේ වෘත්තියට දකුණේ සිට පැමිණෙන බෝතල් කළ රා බාධාවක් වී ඇති බවයි.
දකුණේ සිට ගෙන එනු ලබන බෝතල් රා වල කෘත්‍රිම රසායන ද්‍රව්‍ය අන්තර්ගතව තිබීම හේතුවෙන් ගතවූ කාලයේ එම රා පානය කළ පිරිස විවිධ අසාත්මික තාවයන්ට ගොදුරු වී ඇති බවද අමාත්‍යවරයා පෙන්වා දී තිබේ.
උතුරු පළාත තුළ ස්වභාවික රා තොග ප්‍රමාණවත් පරිදි ඇති බැවින් දකුණේ සිට උතුරට ප්‍රවාහනය කෙරෙන රා වලින් කිසිදු ප්‍රයෝජනයක් නොමැති බව අමාත්‍යවරයා පවසා ඇති අතර මේ පිළිබදව සුරාබදු දෙපාර්තමේන්තුව දැනුවත් කොට හැකි ඉක්මනින් බෝතල් කළ රා උතුරට රැගෙන ඒම අත්හිටුවන ලෙස ඔහු සභාවට දැණුම්දී තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
