අධිවේගී මාර්ග භාවිත කරන රියදුරන්ගේ සහයෝගය ලැබුණහොත් පිටවීම් කවුළුවලදී තත්පර 10ක් තුළ වාහනය පිටතට ගැනීමට හැකියාව ලැබෙන බව අධිවේගී මාර්ග නඩත්තු හා මෙහෙයුම් අංශය සඳහන් කරයි.
මේ නිසා පිටවීමේ දොරටු අසලට පැමිණෙන විට ඇතුළු වීමේ දොරටුවෙන් ලබාදුන් ටිකට්පත හා මාරු සල්ලි සහිතව මුදල් සූදානම් කරගෙන පැමිණිය යුතු බවද එම අංශයේ අධ්යක්ෂ එස්. ඕපනායක මහතා සඳහන් කළේය.
අධිවේගී මාර්ග දෙපස වාහන නවතා තැබීම සපුරා තහනම් බවත්, නිදිමතක් හෝ වෙනත් ශාරීරික අවශ්‍යතාවක් ඇතිවුවහොත් ළඟම පිහිටි පිටවීමේ දොරටුවෙන් පිටතට ගොස් අදාළ කටයුතු සිදුකර නැවත පැමිණෙන්න.
උත්සවසමයේදී අධික රථවාහන ප්‍රමාණයක් අධිවේගී මාර්ගය භාවිත කරන නිසා අතිරේක පිටවීම හා ඇතුළු වීමේ දොරටු විවෘත කර තිබේ.
අධිවේගී මාර්ගයේ උපරිම වේග සීමාව පැයට කිලෝමීටර් 100ක් බවත්, මීට අමතරව පැයට කිලෝමීටර් 60ක හෝ ඊට වැඩි වේගයකින් ගමන් කළහැකි හොඳ තත්ත්වයේ වාහන පමණක් අධිවේගී මාර්ගවලට ඇතුළත් කරන්න.
තවත් වාහනයකට ඉස්සර කිරීමේදී මීටර් 20ක පරතරයක් තබාගෙන ඉස්සර කර මීටර් 15ක පරතරයක් තබාගෙන යළිත් අදාළ මංතීරුවට ඇතුළත් වෙන්න.