පොල් ගෙඩියක මිල රුපියල් 100 ඉක්මවා යෑමත් සමග පොල්තෙල් බෝතලයක මිල රුපියල් 330 දක්වා ඉහළ ගොස් ඇතැයි පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය සඳහන් කරයි.
මීට අමතරව වියළි හාල්මැස්සන් කිලෝවක මිල රුපියල් 800 ඉක්මවා යමින් තිබෙන බවත්, සහල් ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ ගණනාවකම මිල මේ වනවිට විශාල ලෙස ඉහළගොස් තිබෙන බවත් එම සංගමයේ සභාපති රංජිත් විතානගේ මහතා සඳහන් කළේය.
අවුරුදු සමය ළං වනවිට ජාවාරම්කාර වෙළෙඳුන් සිදුකරන ජාවාරම්කාර ක්‍රියා නවතා දැමීමට ආණ්ඩුව වැඩපිළිවෙළක් සකස් නොකිරීම නිසා මෙවැනි තත්ත්වයක් රට තුළ නිර්මාණය වී තිබෙන බවත්, වී කිලෝවක ගැනුම් මිල රුපියල් 30 - 35ත් අතර මුදලක් වී තිබියදී ආහාරයට ගත හැකි සහල් කිලෝවක මිල රුපියල් 100 - 160ත් අතර මුදලක් වී තිබෙන බවත් ඔහු පවසා සිටියේය.