උත්සව සමයේදී සති අන්තයේ මෙන්ම සතියේ දිනවලදීද වෙළෙඳසැල් වැටලීම් සිදුකිරීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සැලසුම් සකස් කර තිබේ.
එහි මිල අංශයේ සහකාර අධ්යක්ෂ රොහාන් මීවලගේ මහතා සඳහන් කර සිටියේ මෙම මස 27 වැනිදා වන විට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් වැටලීම් 1700ක් සිදුකර ඇති බවයි.