පෞද්ගලික බස් රථයක් උඩවලව - දෙමටගල ප්රදේශයේදී අද (06දා) දහවල් අනතුරට ලක්වීමෙන් තුවාල ලැබූ පුද්ගලයින් 15 දෙනෙකු පමණ රෝහල් ගත කර තිබෙනවා. මෙලෙස අනතුරට ලක්වී ඇත්තේ රත්නපුර සිට ඇඹිලිපිටිය දෙසට ගමන් ගත් පෞද්ගලික බස් රථයක් වන අතර තුවාල ලැබූවන් ඇඹිලිපිටිය මහරෝහලට සහ උඩවලව - පල්ලෙබැද්ද රෝහලට ඇතුළත් කර තිබෙන බව වාර්තා වේ. රියදුරාට බස් රථයේ වේගය පාලනය කර ගැනීමට නොහැකි වීමෙන් බස් රථය මාර්ගයෙන් ඉවතට පැන පෙරලීමට ලක්ව ඇත.