උඩරට දුම්රිය මාරගයේ ඉදල්ගස්හින්න හා ඔහිය දුම්රිය ස්ථාන අතර පස්කඳු කඩා වැටීම හේතුවෙන් එම මාර්ගයේ දුම්රිය ගමනාගමය තාවකාලිකව ඇණ හිට ඇත.
ස්ථාන දෙකකින් පස් කඳු කඩා වැටී ඇති බවත් කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනය වන රාත්‍රී තැපැල් දුම්රියද මෙම දුම්රිය ස්ථාන දෙක අතර සිරවී ඇති බවත් දුම්රිය පාලක මැදිරිය කියයි.
පස් කන්ද ඉවත් කිරීම සඳහ අවම වශයෙන් පැය හතකවත් කාලයක් ගතවෙනු ඇතැයි වාර්තා වෙයි
මේ අතර බදුල්ල සිට කොළඹ බලා ධාවනය කරන උඩරට මැණිකේ දුම්රිය බදුල්ල දුම්රිය ස්ථානයේ නතර කර ඇත.
කොළඹ සිට බදුල්ල බලා ගමන් ගන්නා දුම්රිය නානුඔය තෙක් සීමා කිරීමට දුම්රිය පාලක මැදිරිය කටයුතු කර තිබේ.
මධ්‍යම කඳුකරයට ඇද හැළෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගය මෙන්ම මහා මාර්ගද දැඩි අවධානම් තතත්වයට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.