උඩරට දුම්රිය මාර්ගයේ වටවල සහ හැටන් දුම්රිය ස්ථාන දෙක අතර හැටන් සිට කොළඹ දක්වා ධාවනය වු විශේෂ දුම්රියක් පිලි පැනීම හේතුවෙන් ඇණහිට තිබු උඩරට දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු යලි යථා තත්වයට පත් කළ බව නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේය.
මෙම පිලි පැනීම අද අළුයම 1 ට පමණ සිදුවු අතර එම දුම්රියේ මැදිරි තුනක් පිලි පැනීම හේතුවෙන් දුම්රිය මාර්ගයට අලාභ හානි සිදුවිය. මේ වන විට පිලි පැන තිබු දුම්රිය මැදිරි තුන පිලි ගත කර එම ස්ථානයෙන් ඉවත් කර ඇති අතර දුම්රිය මාර්ගයේ නඩත්තු කටයුතු දුම්රිය ධාවනයට බාධාවක් නොවන සේ සිදුකරමින් පවතියි. දුම්රිය පිලි පැනීමෙන් කිසිවෙකුටත් අනතුරක් සිදු වී නොමැත.