හොරණ පොලිස් වසමේ ඉලිබ හන්දියේදී අද (03දා) උදෑසන මෝටර් රථයකින් ගමන් කළ පුද්ගලයෙකුට යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු විසින් වෙඩිතබා ඝාතනය කර පලාගොස් ඇතැයි හොරණ පොලීසිය පවසයි.
මෙලෙස ඝාතනයකර ඇත්තේ ඉංගිරිය ඇදුරගල පදිංචි ශ්රී නික නිමේන්ද්ර මතකධීර (අවු.48) නමැත්තෙකි.
සිද්ධිය සම්බන්ධයෙන් හොරණ පොලීසිය වැඩිදුර පරීක්ෂණය පවත්වයි.