ඉරානයෙන් තෙල් හා ඒ සම්බන්ධ නිශ්පාදන මිලදී ගැනිමට ශ්‍රි ලංකාව උනන්දුවෙන් සිටින බව අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පවසා තිබේ. ඉරාන විදේශ අමාත්‍ය ජාවෙඩ් ශාරිෆ් හා සුසිල් ප්‍රේම්ජයන්ත අමාත්‍යවරයා අතර ඉරානයේ පැවැති හමුවකදී ඔහු මේ බව පවසා ඇති බව ඉරානයේ මෙහෙර් පුවත් සේවය වාර්තා කරයි.
ඊයේ (14දා) මෙම හමුව සිදුව තිබේ. ඉරානයට ජාත්‍යන්තරය විසින් පනවා ඇති සම්බාධක ක්‍රමයෙන් ඉවත්වන විට ශ්‍රී ලංකාව හා ඉරානය අතර සබඳතා තවදුරටත් වර්ධනය වෙනු ඇති බව ඉරාන අමාත්‍යවරයා පවසා ඇතැයි මෙහෙර් පුවත් සේවය වාර්තා කරයි.