ඉරණමඩු ජලාශයත් සිඳීයෑමට ආසන්නයි
කිළිනොච්චිය දිස්ත්‍රික්කයේ පිහිටා ඇති විශාලතම ජලශයක් වන ඉරණමඩු වැවේ ජල මට්ටම පවතින නියං තත්ත්වය හේතුවෙන් ශීඝ්‍රයෙන් සිඳීයෑම හේතුවෙන් ගොවිතැන් හා කෘෂිකාර්මික කටයුතු සඳහා ජලය නොමැතිව ගොවීන් දැඩි පීඩාවන්ට පත්ව ඇතැයි කිළිනොච්චිය ඒකාබද්ධ ගොවි සංවිධානය පවසයි.
මේ දිනවල කිළිනොච්චිය ඉරණමඩු වැවේ ජලය මුදාහැරෙන ඇළ මාර්ගයේ රොන් මඩ ඉවත් කර වැවේ ඉතිරි වී ඇති ජලය සිය ගොවිතැන් හා කෘෂිකාර්මික කටයුතු වෙනුවෙන් ලබාගැනීමට දැඩි පරිශ්‍රමයක් දරන බව කිළිනොච්චිය ඒකාබද්ධ ගොවි සංවිධානයේ ගොවීහු පවසති.
උතුරේ ගොවිතැන්හි කේන්ද්‍රස්ථානය වූ කිළිනොච්චියේ මෙවර යල කන්නය වෙනුවෙන් වර්ෂාව නොමැති වීමෙන් බොහෝ කුඹුරු ප්‍රමාණයක් අතහැර දැමුණු අතර, ගොවිතැන කරන ලද කුඹුරුවලටද ජලය නොමැතිව එම ගොවීහු දැඩි අසරණ තත්ත්වයකට මුහුණ පා සිටිති.
ඉරණ මඩු ජලාශයෙන් ගොවිතැන් හා කෘෂිකාර්මික කටයුතුවලින් ජීවත් වන ගොවි පවුල් 20,000ක් පමණ පීඩාවට පත්ව සිටින බවට කිළිනොච්චිය ඒකාබද්ධ ගොවි සංවිධානය වැඩිදුරටත් පෙන්වා දෙයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

