ත්‍රිකුණාමලය චීන වරායේ පිහිටි තෙල් ටැංකි කිහිපයක් පරීක්ෂා කිරීමට ගිය ඛනිජ තෙල් සංස්ථා නිලධාරීන් දෙදෙනෙකු හා සේවකයන් සිවුදෙනෙකු ඉන්දීය සමාගමේ නිලධාරීන් විසින් බලහත්කාරයෙන් රඳවාගෙන ඇතැයි වාර්තා වේ.
ටැංකි 99කින් යුත් චීන වරායේ පිහිටි තෙල් ටැංකි සංකීර්ණයේ ටැංකි 84ක් බදු පදනමින් ඉන්දීය සමාගමක් හිමිකර ගෙන තිබේ. ඉතිරි තෙල් ටැංකි භාවිතයට නොගෙන තිබෙන නිසා එය භාවිතයට ගැනීමට හැකි දැයි නීරික්ෂණයට අද (29දා) මෙම පිරිස් අදාළ පරිශ්‍රයට ගොස් තිබේ.
එලෙස ගිය අවස්ථාවේදී සමාගම් සේවකයන් විසින් මෙම 06 දෙදෙනා පැයකට අධික කාලයක් බලහත්කාරයෙන් රඳවා තබාගෙන ඇතැයි වාර්තා වේ.
මේ පිළිබඳව අප ඛනිජ තෙල් සංස්ථා මාධ්‍ය සම්බන්ධීකාරක අජිත් ධර්මප්‍රිය මහතාගෙන් කළ විමසීමකදී හෙතෙම සඳහන් කළේ, එවැනි රඳවා ගැනීමක් සිදුකර ඇති බවත්, ඒ පිළිබඳව චීන වරාය පොලීසියට පැමිණි කර ඇති බවත්ය.
මේ පිළිබඳව පොලිස් මූලස්ථානයෙන් කළ විමසීමකදී සඳහන් කර සිටියේ, ඉන්දීය සමාගම් සේවකයන් හා ඛනිජ තෙල් සංස්ථා සේවකයන් අතර බහින්බස් වීමක් සිදුවූ බවට පැමිණිලි ලැබී තිබෙන බවයි.