ඉන්දීය හා ශ්‍රී ලංකා යුද හමුදා ඒකාබද්ධව සිදු කරන මිත්‍ර ශක්ති - 2015 ඒකාබද්ධ යුද අභ්‍යාසය තෙවැනිවරටත් හෙට (29දා) ආරම්භවන බව ඉන්දීය මාධ්‍ය පවසයි.
පූනේ සිට ක්‍රියාත්මක කරන මෙම යුද අභ්‍යාසයේ මූලික අරමුණ දෙරට අතර ආරක්ෂිත - ආරක්ෂිත සබඳතාවක් පැවැත්වීම බවද ඉන්දීය මාධ්‍ය සඳහන් කරයි.
දින 14ක් පුරා මෙම යුද අභ්‍යාසය පැවැත්වෙන අතර දෙරටේ යුද හමුදා අතර විශ්වාසය තහවුරු කිරීම මෙහි එක් පරමාර්ථයක්ද වෙයි.
ඔක්තෝබර් 10 දා හා 11 දා දෙරටේ ඉහළ පෙළේ ආරක්ෂක හමුදා නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් අවසන් අභ්‍යාසය අනුධ් හි පැවැත්වීමට නියමිතය.