ඉන්දීය නාවිකයන් 7කගේ දිවි නාවික හමුදාව රැක ගනියි
ඉන්දියාවේ සිට මාලදිවයින දක්වා භාණ්ඩ ප්‍රවාහනය කරමින් තිබූ ඉන්දියාවට අයත් මධ්‍යම ප්‍රමාණයේ නෞකාවක් (Merchant Sailing Vessel) ශ්‍රී ලංකාවට දකුණු දිගින් වූ මුහුදු ප්‍රදේශයේදී ඇති වූ හදිසි කාර්මික දෝශයක් හේතුවෙන් සම්පූර්ණයෙන් මුහුදුබත් වී ඇත. එම නෞකාව් සිටි 7 දෙනෙකුගෙන් යුත් කාර්යය මණ්ඩලය බේරා ගෙන ගොඩබිම කරා රැගෙන ඒමට ශ්‍රී ලංකා නාවික හමුදාව පියවර ගන්නා ලදී.
ගාල්ල ප්‍රදීපාගාරයේ සිට නාවික සැතපුම් 68 ක් පමණ දකුණු දෙසින් මෙලෙස අනතුරට පත්ව ඇත්තේ ඉන්දියාවට අයත් “මරියා ඉරුදයා” නමැති මධ්‍යම ප්‍රමාණයේ වෙළඳ නෞකාවකි. දින කිහිපයකට පෙර මෙම නෞකාව අනතුරකට ලක්ව ඇති බව මාලදිවයින් රජය විසින් ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත දැනුම් දී තිබිණි. ඒ අනුව ගාලු මුහුදු තීරයේ මුර සංචාරයන්හි නිරත නෞකාවන් වෙත මෙන්ම අනෙකුත් ජාත්‍යන්තර නෞකාවන් වෙත මේ බව නාවික හමුදා මූලස්ථානය විසින් දැනුම් දී තිබිණි.
ඊයේ (ඔක්තෝබර් 20) සවස් භාගයේදී ජීවිතාරක්ෂක බෝට්ටුවක නාවිකයින් පිරිසක් පාවෙමින් සිටින බව බේරුවල “සහන් පුතා” නමැති බහුදින ධීවර යාත්‍රාව විසින් නාවික හමුදාව වෙත දැනුම් දී ඇත. ඒ අනුව, ඊසේ සවස පී 490 වේග ප්‍රහාරක යාත්‍රාව වහාම එම ප්‍රදේශයට පිටත් කර යැවීමට නාවික හමුදා මූලස්ථානය කටයුතු කරන ලදී. යාත්‍රාව මඟින් අද උදෑසන 06.35 පමණ අනතුරට පත් නෞකාවේ කාර්යය මණ්ඩලය ගාල්ල වරායට රැගෙනවිත් ඇත.ඔවුන් සියළු දෙනා ඉතාමත් නීරෝගී සුවයෙන් පසුවන අතර, ඔවුන් ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලය වෙත භාර දීමට කටයුතු සූදානම් කර ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.


