ඉන්දිය ක්‍රිකට් පාලක මණ්ඩලයේ (BCCI) සභාපති අනුරාග් ඨාකුර් හා එහි ලේකම් අජේ සිරකේ එම තනතුරුවලින් ඉවත් කිරීමට ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය අද (02දා) තීන්දු කළේය.
ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය, ලෝදා කමිටු වාර්තාවේ නිදේශ ක්‍රියාත්මක නොකිරීම හේතුවෙන් ඔවුන් එම තනතුරුවලින් ඉවත් කිරීමට ඒ අනුව දිල්ලිහි පිහිටි ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබේ.
මෙහිදී ශ්‍රේෂ්ඨාධිකරණය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ උපසභාපතිවරයාට අතුරු කමිටු සභාපතිවරයා ලෙස කටයුතු කරන ලෙසත්, සහකාර ලේකම් අමිතාබ් චෞද්රිට ලේකම්වරයා ලෙස කටයුතු කරන ලෙසත්ය.