ඉන්දියාවේ යටිතල පහසුකම් වෙනුවෙන් වසර පහක් තුළ ඇ.ඩො.බිලියන 20ක ආයෝජනයක් කිරීමේ ගිවිසුම ඇතුළුව චීනය හා ඉන්දියාව අතර ගිවිසුම් 12ක් අත්සන් කර ඇති බව වාර්තා වෙයි.
චීන ජනාධිපති ෂී-ජින්පින් මහතාගේ ඉන්දීය සංචාරය අතරතුර මෙම ගිවිසුම් අත්සන් කිරීම සිදුව අතර, හෙතෙම ඊයේ (17දා) ඉන්දියාව වෙත පැමිණියේය.
දෙරටේ නායකයන් එකතුව පැවති මාධ්‍ය හමුවකදී ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි පවසා සිටියේ දෙරටේ දේශසීමාවල පවතින සාමකාමී බව දෙරටේ සංවර්ධනය වෙනුවෙන් අතිශය වැදගත් බවයි.
ඉන්දියාව හා චීනය අතර අත්සන් කළ ගිවිසුම් අතර, එරට දුම්රිය මාර්ග පද්ධතිය ප්‍රතිසංස්කරණය කරමින් අධිවේගී දුම්රිය මාර්ග පද්ධතියක් බවට පත්කිරීම හා දුම්රිය ස්ථාන සංවර්ධනය, ගුජරාට් හා මහාරාශ්ට්ර පාන්තයේ කර්මාන්ත ජනපද ඇතිකිරීම, ඉන්දීය නිෂ්පාදන විශේෂයෙන් ඖෂධ හා කෘෂි නිෂ්පාදන සඳහා චීන වෙළෙඳ පොළ වඩාත් විවෘත කිරීම ආදිය වෙයි.
ඒ අනුව, දෙපාර්ශවයම තම වෙළෙඳ කටයුතු, අභ්‍යවකාශ ගමන් හා න්‍යෂ්ටික බලශක්තිය සම්බන්ධයෙන් සිය අවධානය වැඩි කරන බවද වාර්තා වෙයි.