ඉන්දීය රජයට අවශය අකාරයට කටයුතු කිරීමට ලබාදීමෙන් මෙරට ධිවර ජනතාවත්, රටේ ස්වෛරීභාවයත් ගැටලු සහිතට තත්ත්වයක් පත්නොකරන්නැයි ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක මොහොමඩ් මුසම්මිල් මහතා සඳහන් කළේය.
ශ්‍රී ලංකාවේ මුහුදු සීමාව වසර තුනක කාලයක් සඳහා වසරකට දින 83 බැගින් පරිහරණය කිරීමට ඉන්දීය ධීවරයන්ට ලබාදීමට ගෙන ඇති ක්‍රියාමාර්ගය පිළිබඳව මාධ්‍යට අදහස් දක්මවමින් ඉහත අදහස් ඔහු අද (31දා) ප්‍රකාශ කළේය.
වසර 03ක කාලයක් සඳහා වසරකට දින 83 බැගින් ඉන්දියාවේ ධීවරයන්ට ශ්‍රී ලංකා මුහුදු සීමාව තුළ ධීවර කටයුතුවල නියැලීමට ඉඩ ලබාදීමට දෙරට අතර පැවති සාකච්ඡාවලදී එකඟතාවකට පැමිණියා. මෙම මාධ්‍ය වාර්තා පළ වී සතියක පමණ කාලයක් ගත වී ඇතත් ඒවා ප්‍රතික්ෂේප කිරීමට අදාළ බලධාරීන් කටයුතු කර නැහැ. ඒ නිසා අප හිතනවා, ඉහත මාධ්‍ය වාර්තා සත්‍ය බව.
මේක ඉතාමත් බරපතළ ප්‍රශ්නයක්. දින 83ක කාලයක් ඉන්දීය ධීවරයන් අපේ මුහුදු සීමාව නතුකර ගත්තාට පසුව වසරේ ඉතිරි කාලය බාධාවකින් තොරව ධීවර කටයුතුවල යෙදීමට ඔවුන් අපේ ධීවරයන්ට ඉඩ දේවිද?
මේක සුළුවෙන් සලකන්න එපා ඉන්දීය රජයට මේ විදියට දණ නමලා මේ රටේ ධීවර ජනතාවත්, රටේ ස්වෛරීභාවයත් වනසා දමන්න එපා කියා ජාතික නිදහස් පෙරමුණ ලෙස අපි අවධාරණය කොට සිටිනවා.