අන්තර්ජාල සබඳතා වෙනුවෙන් මෑතකදී බදු සහන ලබාදුන් බවත්, මේ නිසා රටක් ලෙස ශ්‍රී ලංකාව ඉතා ඉක්මණින් ඉදිරියට ගමන් කරන බවත් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසා තිබේ.
ජාත්‍යන්තර තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් දිනය සහ ශ්‍රී ලංකාවේ තොරතුරු දැනගැනීමේ පනත හඳුන්වාදී වසරක් ගතවීම නිමිත්තෙන් ඊයේ (28දා) වැල්ලවත්ත ග්ලෝබල් ටවර්ස් හෝටලයේදී පැවති විශේෂ වැඩමුළුවක් අමතමින් අමාත්‍යවරයා මෙම කරුණු අනාවරණය කර තිබේ. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,
"අපි මෑතකදී අන්තර්ජාල සබඳතා වෙනුවෙන් බදු සහන ලබාදුන්නා. ඒක නිසා මට කියන්න පුඵවන් අපි රටක් විදියට ඉතා ඉක්මණින් ඉදිරියට ගමන් කරන බව. මේ සංකල්ප ඔස්සේ ඉදිරියට ගියොත් මාෂඨ නිදහස තවතවත් තහවුරු වී, ඒ වගේම නූතන තාක්ෂණයේ දැනුම මහජනතාව අතර තවදුරටත් පැතිර ගිහින් දැනුමින් පිරිපුන් රටක් බිහිවෙයි කියා මා විශ්වාස කරනවා.
ඔබ කවුරුත් දන්නවා මේ මෑතකදී අපි 2025 වසර දක්වා දිවෙන පොහොසත් රටක්, 2025 දැක්ම ඉදිරිපත් කළා. රජය ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතිය නඟා සිටුවීමටත්, ශක්තිමත් කිරීමටත් පියවර ගන්නා බව එහි දැක්වෙනවා. ඒ වගේම රජය සෑම මට්ටමකදීම ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකමට ගරු කරන බවත්, සහතික කරන බවත්, ඒ දැක්ම තුළින් ඉදිරිපත් කර තියෙනවා." යැයි පවස සිටියේය.
