ආණ්ඩුව කියන පදේට ඉංජිනේරුවෝ නටන්නැත්නම්. මෙතනිනි එහාට ඉන්ජිනේරු සේවාව සම්බන්ධ තීරණාත්මක තීන්දු ගන්න වෙලාවට ආණ්ඩුවට බලය පෙන්වන් හැකි අයුරින් ‘යෝජිත ශ්‍රී ලංකා ඉන්ජිනේරු සභාව පිහිටුවීමේ පනත සකස්කර ඇති බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්රචාරක ලේකම් පුබුදු ජයගොඩ මහතා පැවසීය.
2016 අගෝස්තු 01 ගැසට් නිවේදනයක් මඟින් ප්‍රකාශයට පත් කළ ‘‘ශ්‍රී ලංකා ඉන්ජිනේරු සභාව පිහිටුවීමේ පනත’’ තුළ අරමුණු ලෙස දක්වා ඇත්තේ ඉන්ජිනේරු වෘත්තිය සඳහා ශ්‍රී ලංකා ඉන්ජිනේරු සභාව නමින් ආයතනයක් පිහිටුවීමයි.
ඉන්ජිනේරු වෘත්තිකයන්ගේ වෘත්තිමය තත්වය පවත්වාගනයාම සහ මෙහෙයවීම. , ඉන්ජිනේරු වෘත්තිකයන් ලියාපදිංචිය ,ආචාරධාර්මික නොවන අයුරින් කටයුතු කරන වෘත්තිකයන්ගේ ලියාපදිංචිය අහෝසි කිරීම ලෙසයි දක්වා ඇත්තේ. දැනට මේ අයුරින් ක්‍රියාත්මකවෙන්නේ ‘‘ශ්‍රී ලංකා වෛද්‍ය සභා පනත’’ මේක 1927 ස්ථාපිත කළේ.
දැන් ඉන්ජිනේරුවන් සම්බනදයෙන් ගෙනත් තිබෙන මේ පනතේ කොහෙවත් ඉන්ජිනේරු අධ්‍යාපනය සම්බන්ධ සඳහන් කරලා නෑ. පළවෙනි කාරණය තමයි මෙවැනි පනතක්
සම්බන්ධයෙන් ඉනිජිනේරුවන්ගේ පැත්තෙන් ඉල්ලීම තිබ්බේ එම වෘත්තියේ ගුණාත්මකභාවය පිළිබඳ මැදිහත්වීමක් අවශ්‍යයයි කියන එක. ඒකට හේතු වුනේ
හංදියක් හංදියක් ගානේ ඉන්ජිනේරු උපාධිය ලබා දෙන කඩ පිහිටුවීම. නමුත් පනතේ එහෙම එකක් නෑ. ඒ අය ඉල්ලූවේ වෛද්‍ය සභාව පන්නයේ සභාවක්. ඒ නිසා ඉන්ජිරුවන්ගේ මේ පිළිබඳ ඉල්ලීමේ පදනමෙන්ම වෙනස්.
හැමදේම ස්වාධීන කිරීම කියලා ආණ්ඩු කිව්වත් දැන් මේකේ තියෙන ස්වාධීනතාව මොකක්ද? ඒ නිසා මේ පාර්ලිමේන්තුවේ මේ ගැන විරෝධයක් එන තුරු බලා නොසිට මීට විරුද්ධව පෙළගැහෙන්න කියලා සියලූ දෙනාගෙන්ම අපි ඉල්ලනවා.යැයිද හෙතෙම පැවසීය
.