තවත් වසර 200ක් වත් ගතවන තුරු ශ්‍රී ලංකාව වෙත සුනාමියක් ඇති වීමේ ඉඩක් නොපෙනෙන බව ඇමරිකානු මියාමි සරසවියේ විද්‍යාඥයන් කණ්ඩායමක් පවසා තිබේ.
ඉන්දියානු සාගර කලාපීය සුනාමි හටගැනීම පිළිබඳව අධ්‍යයනයක් කළ ඇමෙරිකානු විද්‍යාඥ කණ්ඩායමේ මහාචාර්ය ග්‍රෙගර් එබර්ලි මෙය හෙළි කර ඇති බව බී.බී.සී.ය කියයි.
එමෙන්ම, ශ්‍රී ලංකාව වෙත 2004 දී බලපෑ සුනාමි තත්ත්වය මෙන් විශාල සුනාමියක් ඇති වීමට තවත් වසර 1,000ක් පමණ ගත වනු ඇති බවද එම විද්‍යාඥයෝ විශ්වාසය පළ කර තිබේ.
“2004 වසරේ ඇති වූ ආකාරයේ සුනාමියක් හට ගැනීමට තවත් වසර 1,000ක් වත් ගත වෙනවා. එබැවින් ඉදිරි වසර 1,000 ඇතුළත ඇතිවන සුනාමි තත්ත්වයන් ඒ සුනාමිය වගේ විශාල සුනාමියක් වන්නෙ නැහැ. නමුත්, එසේ සුනාමියක් ඇති වුවත්, එයද අද හෙට වෙන දෙයක්නොවෙයි. නැත්නම් තවත් වසර 100කින් වන දෙයකුත් නොවෙයි. ඒ සඳහා අඩුම තරමින් තවත් වසර 200ක්වත් ගත වේවි.” යැයි ඇමෙරිකානු විද්‍යාඥ ග්‍රෙගර් එබර්ලි පවසා ඇත.
වසර දහස් ගණනක් පුරා ලංකාවට ඇති වූ සුනාමිවලින් හම්බන්තොට 'කරගන්' ලේවායේ මුහුදු පතුලේ තැන්පත් වී තිබෙන අවසාදිත විශ්ලේෂණය කිරීමෙන් එම නිගමනයට පැමිණ ඇති බව එම විද්‍යාඥයෝ වැඩිදුරටත් පවසා ඇත.