ඇවන්ට්ගාඩ් අවි ගබඩාව සම්බන්ධයෙන් වන නඩුව මාර්තු 19 දා සිට දිනපතා විභාගයට ගැනිමට කොළඹ මහාධිකරණ විනිසුරු ආර්. ගුරුසිංහ මහතා අද (03දා) තීරණය කළේය.
ඇවන්ට්ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපති මහතා සහ රක්නා ලංකා සභාපති මේජර් ජනරාල් පාලිත ප්රනාන්දු මහතාට එරෙහි මෙම නඩුව පැත්වෙයි.
ලංකාව අවට මුහුදේ පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාමට අනුමැතිය ලබාඳීම සඳහා රුපියල් ලක්ෂ 355ක අල්ලසක් ලබාදීම හා ලබාගැනීම ඇතුළු චෝදනා 47ක් යටතේ විත්තිකරුවන්ට එරෙහිව එම නඩුව පවරා තිබේ.
සිතාසියකට අනුව අධිකරණයේ පෙනී සිටි විත්තිකරුවන් රුපියල් ලක්ෂ 10ක ශරීර ඇප දෙක බැගින් හා රුපියල් ලක්ෂය බැගින් වූ මුදල් ඇප මත මුදාහැරීමට නියෝග කෙරිණ.