ඇවන්ට්ගාඩ් පාවෙන අවි ගබඩාව සම්බන්ධයෙන් හිටපු යුද හමුදා කර්නල්වරයෙක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි. ඊයේ (28දා) මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.
අත්අඩගුවට පත් සැකකරු එම අවි ගබඩාව භාරව සිටි පුද්ගලයා බවත් සීදුව පිහිටි ඔහුගේ නිවසේදී අත්අඩංගුවට ගැනීම සිදුකළ බවත් පොලීසිය පවසයි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් මෙම අත්අඩගුවට ගැනීම සිදුකර ඇත. සැකකරු අද ගාල්ල මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලීසිය පවසයි.