මහබැංකු බැඳුම්කර සිදුවිම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධානාගාර ගත කර ඇති එහි දෙවැනි හා තෙවැනි සැකකරුවන් වන පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝෂියස් හා එහි ප්‍රධාන විධායක නිලධාරී කසුල් පළිසේන යන සැකකරුවන් නැවතත් එළැඹෙන 12 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (29දා) නියෝග කළේය.