ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පුද්ගලයන්ට අධිකරණමය ක්‍රියාමාර්ග ගැනීමේදී සිදුවන ක්‍රියාවලියත්, බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගැනීමත් අතර වෙනසක් තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි. සතිපතා අඟහරුවාදා දිනයේදී ඔහු විසින් අද පුවත්පතට රචනා කරන කුරහන් සුවඳ තීරු ලිපියේ මේ බව දැක්වෙයි.
බැඳුම්කර ගනුදෙනුව සෙවීම සඳහා පත්කළ ජනාධිපති කොමිසමෙහි සාක්ෂි ලබාදීම සඳහා අර්ජුන් ඇලෝසියස්ට අවශ්‍යතාවක් නොමැති බව කොමිසම පැවසීමත් සමගින් මේ බව මැනවින් පැහැදිලි වන බවද ඔහු සඳහන් කරයි.
"බැදුම්කර වංචාව සිදු වූ විට රටේ පවතින සාමාන්‍ය නීතිය අනුව උසාවියේ නඩුවක් ගොනු කර, නීතිපති උපදෙස් අනුව පරීක්ෂණ කරගෙන ගියේ නම් මෙවැනි ගැටලුවක් වන්නේ නැත. ජනපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාත්, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාත් මේ නීතිමය පසුබිම නොදැන ජනපති කොමිසම පත්කළා විය නොහැකිය. ජනාධිපති කොමිසමකට සාක්ෂි දීම සඳහා බලකළ නොහැකි බව ඔවුහු හොඳින්ම දනිති.
නමුත් මේ බව දැන දැනත් අප කැඳවූ සෑම කොමිසමකටම සාක්ෂි ලබාදීමටඅපි කටයුතු කළෙමු. අප කොමිසම් හමුවට ගොස් සාක්ෂි ලබාදෙන විට පවා අප විවේචනය කිරීමට ආණ්ඩුව කටයුතු කළේය. එමෙන්ම ජනතා විමුක්ති පෙරමුණද අපට එරෙහිව කතා කළේය. මේ වනවිට බැඳුම්කර ගනුදෙනුව පිළිබඳ ජනාධිපති කොමිසමෙන් වාර්තා වන තොරතුරු පිළිබඳ ජනතා විමුක්ති පෙරමුණද නිහඬ පිළිවෙතක් අනුගමනය කරයි.
හිටපු ජනාධිපති මහින්ද රජපක්ෂ මහතා, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවා කොමිසම් හමුවට ගොස් සාක්ෂි ලබාදීමට කටයුතු කළේ ඒ සඳහා උපරිම සහාය දක්වමින් අපගේ විනිවිදභාවය තහවුරු කිරීම සඳහාය. අර්ජුන් ඇලෝසියස් කොමිසම තුළ සාක්ෂි ලබාදීම ප්‍රතික්ෂේප කිරීම තුළම යම්කිසි ආකාරයක ගැටලුවක් ඇති බව මැනවින් පැහැදිලි වෙයි. ඔවුන් බැඳුම්කර තුළින් වංචාවක් නොකළානම් විනිවිදව කොමිසමට ගොස් සාක්ෂි ලබාදිය යුතුව තිබිණි. මේ සිල්ලම දැන් ජනතාවට හොඳින් වැටහී ඇත." යනුවෙන් ඔහුගේ ලිපියේ දැක්වෙයි.