ඇමරිකාවේ ශ්රී ලංකා තානිපති කාර්යාලයට ගොඩනැඟිල්ලක් මිලදී සඳහා රජයෙන් ලබාදුන් මුදලින් ඇමරිකානු ඩොලර් 3,30,000 වංචා කළැයි කියමින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙන ඇමෙරිකාවේ හිටපු ශ්රී ලංකා තානාපති ජාලිය වික්රමසුරිය මහතා ලබන මස නැවතත් එළැඹෙන 27වැනිදා තෙක් තවදුරටත් රිමාන්ඩ් කිරීමට කොටුව මහෙස්ත්රාත් ලංකා ජයරත්න මහත්මිය නියම කළාය.
රෝගී තත්වයෙන් පසුවන බව කියමින් ගිලන් රථයකින් අධිකරණයට කැඳවාගෙන පැමිණි ජාලිය වික්රමසුරිය මහතා ගිලන් රථයට ගොස් පරීක්ෂා කර බැලූ මහෙස්ත්රාත්වරිය සැකකරු රිමාන්ඩ් භාරයට පත් කිරීමට නියම කළාය.