ශ්‍රී ලංකාවේ ප්‍රතිසංධානය හා මානව හිමිකම් මෙන්ම වගවීමේ ක්‍රියාවලිය වර්ධනය කිරීම සඳහා ඇමෙරිකාව අතුළු රටවල් හතරක් එක්ව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට ගෙන ආ යෝජනාවට සම අනුග්‍රහය දැක්වීමට ඔස්ට්‍රේලියාව ඉදිරිපත්ව සිටියි.
ඔස්ට්‍රේලියානු විදෙස් කටයුත ඇමතිනී ජූලියා බිෂොප් අද (27දා) නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කළේය. පසුගිය බ්‍රහස්පතින්දා මෙම යෝජනාව ඇමෙරිකාව විසින් සභාගත කළ අතර ශ්‍රි ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාද ප්‍රකාශ කළේ ඒ සඳහා සම අනුග්‍රහය දක්වන බවයි.
අදාළ යෝජනාව ක්‍රියාත්මක කිරිමට හැකිවුවහොත් යුද්ධයේදී ඇති වූ තුවාල සුව කර ගැනිම සඳහා හොඳ පදනමක් දමා ගත හැකි බව ඇය සිය නිවේදනයෙන් පැවැසුවාය.