පශ්චාත් යුද සමය තුළ දේශපාලන, සාමාජීය සහ ආර්ථික වශයෙන් ශී‍්‍ර ලංකාවේ නැවත ගොඩනැගීම ප්‍රශංසනීය බව එක්සත් ජනපදයේ දේශපාලන කටයුතු පිළිබඳ සහකාර රාජ්‍ය ලේකම් තෝමස් ෂැනන් මහතා පවසයි.
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 72 වැනි සැසිවාරය සඳහා සහභාගි වීමට ඇමෙරිකාවේ නිල සංචාරයක නිරත ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා සහ සහකාර රාජ්‍ය ලේකම් තෝමස් ෂැනන් මහතා අතර ඊයේ (21දා) පැවැති සාකච්ඡාවේදී ඔහු මේ බව පවසා ඇත.
වර්තමානයේදී ශී‍්‍ර ලංකාවේ රාජ්‍ය පාලනය තුළ ඉතා හොඳ විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවද සහකාර විදේශ ලේකම්වරයා පවසා ඇත.
මධ්‍යස්ථ විදේශ ප්‍රතිපත්තියක් තුළ ගැටලු ඇති නොවන ආකාරයෙන් සියලු මිත්‍ර රාජ්‍යයන් සමග යහපත් ද්වි පාර්ශ්වික සබඳතා පවත්වාගෙන යාමට ශී‍්‍ර ලංකාව කටයුතු කරන බව ජනාධිපතිවරයා මෙහිදී පවසා ඇත.