ඇමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම් චාල්ස් 11දා දිවයිනට
ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ආර්ථික හා ව්‍යාපාරික කටයුතු පිළිබඳ සහකාර රාජ්‍ය ලේකම් චාල්ස් එච්.රිව්කින් මහතා දෙදින නිල සංචාරයක් සඳහා එළැඹෙන 11 වැනිදා දිවයිනට පැමිණෙන බව ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති කාර්යාලය පවසයි.
දෙරට අතර වෙළෙඳ හා ආයෝජන කටයුතු ඉහළ නංවා ගැනීමේ අරමුණෙන් සහකාර රාජ්‍ය ලේකම්වරයා දිවයිනට පැමිණෙන බවත්, එම සංචාරය අතරතුරදී ජනධිපති මෛත්‍රීපාල සිරිසේන හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරු ඇතුළු මැති ඇමතිවරුන් මෙන්ම, මෙරට ප්රමුඛ පෙළේ ව්‍යාපාරිකයන් හමුවීමට නියමිත බවත් තානාපති කාර්යාලය නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.
අගෝස්තු 08 සිට 12 වැනිදා දක්වා වන ඇමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම්වරයාගේ සංචාරය බුරුමය හා ශ්‍රී ලංකාව ඇතුළත් වන අතර, ඔහු 11 සිට 12 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේ රැඳී සිටීමට නියමිත බවද එහි වැඩිදුටත් දැක්වෙයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

