ඇමෙරිකානු නීතිපති වෙත සෙනට් කැමැත්ත විමසීමක්
ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්රම්ප් විසින් එරට නව නීතිපතිවරයා ලෙස තෝරා පත්කර ගැනීමට කැමැත්ත පළ කර ඇති ජෙෆ් සෙෂන්ස් වෙත සෙනට් මණ්ඩල අධිකරණ කමිටුවෙහි කැමැත්ත විමසීමට නියමිතව තිබේ.
මුල සිටම ට්රම්ප් වෙනුවෙන් පෙනී සිටි සෙනට් සභිකයෙකු වූ ජෙෆ් සෙෂන්ස් වෙත වර්ගවාදී චෝදනා එල්ල වී තිබූ අතර, එය ඔහුගේ පත්වීම සම්බන්ධයෙන් අවිනිශ්චිතතා ඇති කර තිබූ බවද විදෙස් වාර්තා පවසයි.
කෙසේ වෙතත්, ට්රම්ප් විසින් පත්කළ සෞඛ්යය හා භාණ්ඩාගාර යන සෙසු නිලධාරීන් වෙත සෙනට් මණ්ඩල අධිකරණ කමිටුවේ අනුමැතිය හිමිවෙද්දී, ඩිමොක්රටික් සෙනට් සභිකයන් ඡන්දය දීමෙන් වැළකී සිටියේය.
මේ අතර, ජෙෆ් සෙෂන්ස් සම්බන්ධ ඡන්දය විමසීම තවත් විශේෂ වී තිබෙන්නේ ට්රම්ප් එරට වැඩබලන නීතිපතිනිය ලෙස කටයුතු කළ සැලී යේට්ස් ධුරයෙන් ඉවත්කර දිනකින් එම ඡන්ද විමසීම පැවැත්වෙන නිසාය. ට්රම්ප්ගේ විධායක නියෝගය ක්රියාත්මක කිරීමට ඇය අපොහොසත් වීම හා ඊට එරෙහිව සිටීම නිසා ඔහු, නව වැඩබලන නීතිපති ලෙස වර්ජිනියා දිස්ත්රික් නීතිපති ධුරය හෙබවූ ඩානා බොයෙන්තේ පත්කරනු ලැබීය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
