ඇමෙරිකානු නාවික හමුදාවට අයත් ප්රහාරක යානා දෙකක් බටහිර පැසිෆික් සාගරයේදී අනතුරට පත්ව එක් යානයක නියමුවා අතුරුදන්ව ඇති බව එරට නාවික හමුදාව උපුටා දක්වමින් බී.බී.සී.ය කියයි.
F/A-18C Hornet වර්ගයේ ප්රහාරක යානා USS Carl Vinson ගුවන් යානා හාරක නෞකාවේ සිට ගුවන්ගත වූ යානා දෙකක් බව පැවසෙයි.
බේරාගැනුණු ගුවන් නියමුවා නෞකාව තුළ ප්රතිකාර ලබමින් සිටින බවත්, අනෙක් යානයේ නියමුවා සොයා තවදුරටත් පුළුල්මෙහෙයුම් සිදුකෙරෙන බවත් ඇමෙරිකානු නාවික හමුදාව පවසයි.
අනතුරින් මුහුදට කඩා වැටී ඇති යානා දෙක මුදා ගැනීමට නොහැකි වී ඇති අතර, එක් යානයක වටිනාකම ආසන්න වශයෙන් ඇ.ඩො.මිලියන 57ක් පමණ වෙයි.
මෙම යානා අනතුරට පත්වීමට හේතුව සොයා මේ වනවිටත් පරීක්ෂණ ආරම්භ කර ඇති ඇති බවද එරට නාවික හමුදාව පවසයි.
දෙවැනි යානයේ සිටි නියමුවා සොයා සිදුකරන මෙහෙයුම්වලට USS Bunker Hill නෞකාව හා USS Gridley නෞකාව මෙන්ම, හෙලිකොප්ටර් යානා කිහිපයක්ම යොදවා ඇති බවද වාර්තා වෙයි.