ඇමෙරිකානු ක්‍රීඩයන් දෙදෛනෙක් ඔස්ට්‍රියාවේදී ජීවිතක්ෂයට
අමෙරිකානු හිමමත ලිස්සා යාමේ ක්‍රීඩකයන් දෙපළක් ඔස්ට්‍රියාවේ හිම ක්‍රීඩා කරමින් සිටින විට සිදුවූ අනතුරිකින් ජීවිතක්ෂයට පත්ව තිබේ.
රුනී බර්ලැක් (20) හා බ්රයින් ඇස්ට්ලේ (19) 2015 ලෝක කුසලාන තරගාවලියට සූදානම්වන විට සිදුවූ අනතුරකින් ඊයේ (05දා) මෙසේ ජීවිතක්ෂයට පත්ව තිබේ.
ඔවුන්ගේ කණ්ඩායමට ක්‍රීඩයන් හය දෙනෙකු ඇතුළත්ව තිබෙන අතර අනෙක් සිවුදෙනා අනතුරින් දිවිගලවාගෙන තිබේ.
පසුගිය දින කිහිපය තුළ ඔස්ට්‍රියාවට බලපා තිබූ අධික හිම පතනය හේතුවෙන් මෙම අනතුර සිදුවී ඇති අතර ඔවුන් පුහුණුවීම් සිදුකර තිබූ සෝල්ඩන් ප්‍රදේශයේ හිම මත ක්‍රීඩා කිරීමේ අනතුරු ඇඟවීම් නිවේදනද නිකුත් කර තිබූ බව බී.බී.සී. පුවත් සේවය වාර්තා කළේය.
මේ පිළිබඳ නිවේදනයක් නිකුත් කරන ඇමෙරිකානු හිම මත ලිස්සා යාමේ ක්‍රීඩා ප්‍රධානී ටයිගර් ෂෝ සඳහන් කළේජීවිතක්ෂයට පත් ක්‍රීඩකයන් දෙදෙනා දක්ෂ ක්‍රීඩකයන් දෙපළක් වූ බවයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

