පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතාට එරෙහිව ඉදිරිපත්ව ඇති විශ්වාසභංග සඳහා ආණ්ඩුවක් ලෙස එක්ව මුහුණ දෙන බව අධිකරණ හා විදේශ රැකියා අමාත්‍ය නීතීඥ තලතා අතුකෝරළ මහත්මිය ප්‍රකාශ කළාය.
අමාත්‍යවරිය මේ බව සඳහන් කළේ, ඊයේ දින (26දා) රත්නපුර ප්‍රදේශයේ පැවති උත්සවයක් අතරතුර මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමිනි.
“කාලෙන් කාලෙට එක එක විශ්වාසභංග යෝජනා ඉදිරිපත් වෙනවා. ඒ ගැන පක්ෂ නායකයින් හැටියට තීන්දුවක් අරගෙන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න ඉඩ තියෙනවා.
ඒ වෙලාවට අපි ඒකට මුහුණ දෙනවා. පළාත් පාලන ඇමතිතුමා හැටියට එතුමා අපේ රජයේ ඇමතිවරයෙක්. එතුමට විරුද්ධව විශ්වාසභංගයක් ඉදිරිපත් වුණාම රජයක් හැටියට අපි ඒකට එකට මුහුණ දෙනවා.”