ඇතැම් සෙල්ලම් භාණ්ඩ ක්රියාත්මක කිරීමේදී විදුලිය නිෂ්පාදනය වන බවට වාර්තා වී ඇතැයි පාරිභෝගික කටයුතු අධිකාරිය සඳහන් කරයි.
මෙම තොරතුරුවලට අනුව ඒ පිළිබඳ සොයා බැලීම ආරම්භ කළ බවත්, මේ ආකාරයට සිදුකළ සොයා බැලීම්වලදී මේ වනවිට එක් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ බවත් එම අධිකාරිය පෙන්වා දෙයි.
එම පුද්ගලයා කොළඹ ප්රසිද්ධ පාසලක් අසලදී අත්අඩංගුවට ගෙන තිබෙන අතර, ඔහු අලෙවි කළ සමහර සෙල්ලම් භාණ්ඩ තුළින් වොට් 12ක විදුලියක් නිකුත් වී තිබෙන බවට පරීක්ෂණවලින් තහවුරු වී තිබේ.
සැකකරු මාලිගාකන්ද මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඔහුට රුපියල් දසදහසක දඩයක් හා තොග අලෙවිකරුට රුපියල් තිස්දහසක දඩයක් පනවා ඇත.
මේ පිළිබඳ සොයා බැලීම සඳහා අඛණ්ඩව මෙහෙයුම් දියත් කරන බවද පාරිභෝගික කටයුතු අධිකාරිය සඳහන් කරයි.