ශ්රී ලංකාවට ජී.එස්.පී. ප්ලස් සහනය ලැබීම හරහා ඇඟළුම් ක්ෂේත්රයේ නව ප්රගමනයක් ඇති වෙනු ඇති බවත් අපනයන ආදායම හා ඇඟළුම් ක්ෂේත්රයේ සේවකයින්ට සහනද හමිවෙනු ඇති බව ජනපති මෛත්රීපාල සිරිසේන මහතා සඳහන් කරයි.
යුරෝපා කොමිසම විසින් ශ්රී ලංකාවට නැවත ජී.එස්.පී. ප්ලස් සහනය නැවත ලබාදිය යුතු බවට යුරෝපා කොමිසම ගෙන ඇති තීරණය පිළිබඳව නිවේදනයක් නිකුත් කරමින් ජනපතිවරයා මේ බව සඳහන් කරයි.
නව රජය විසින් ජාතික සංහිදියාව ගොඩනැගීම, මානව හිමිකම් සුරක්ෂිත කිරීම, නීතියේ හා යහපාලන මූලධර්ම සුරක්ෂිත කරමින් තිරසර ආර්ථික සංවර්ධනයක් වෙනුවෙන් ශ්රී ලංකාවේ යහපත් පරිවර්තනය අගය කිරීමට මෙම සහනය ලැබුණ බවත් ජනපතිවරයා නිකුත් කළ නිවේදනයේ වෙයි.