ආසියානු කලාපයේ මැතිවරණවල ගුණාත්මක බව ඉහළ නැංවීම පිළිබඳව විශේෂ සමුළුවක් ඉන්දුනීසියාවේදී පැවැත්වීමට සැලසුම් කර තිබේ. හෙට(21) සහ අනිද්දා(22) යන දෙදින තුළ මෙම සමුළුව පැවැත්වීමට නියමිතය. මෙම සමුළුව සඳහා ශ්රී ලංකාව නියෝජනය කරමින් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්රිය මහතා සහ පැෆරල් සංවිධානයේ විධායක් අධ්යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා සහභාගීවීමට නියමිතය.