ආසියාතික කලාපය තුළ ගම්වල ජනගහනය නගරයට ඇදී ඒම (නාගරීකරණය)අඩුවෙන්ම සිදුවන රට ශ්‍රී ලංකාව බවත්, කලාපයේ අනෙකුත් රටවල් හා සැසඳීමේදී එම අගය 4%ක් වැනි පහළ මට්ටමක පවතින බවත් ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.
නගර සංවර්ධන ව්‍යාපෘතිය යටතේ තෝරාගත් කුඩා නගර 45 ක් සඳහා සැකසුණු නගර සැලසුම් ප්‍රාදේශීය සභා වෙත පිළිගැන්වීම වෙනුවෙන් ඊයේ (01දා) සෙත්සිරිපාය නව ගොඩනැගිල්ලේ පිහිටි නාගරික සංවර්ධන අධිකාරියේ ශ්‍රවණාගාරයේ පැවැති උත්සවයේදී ඇමතිවරයා මේ බව ප්‍රකාශ කළේය.
“මේ කලාපයේ නගරය දෙසට ජනගහනය ඇදී ඒමේ ප්‍රවණතාව අඩුවෙන්ම පෙන්වන්නෙ ලංකාව. වෙන රටවල නගරය දෙසට ගමේ ජනතාව වේගයෙන් ඇදී එනකොට ලංකාවේ නගරයට ගමේ ජනතාව ඇදෙන ප්‍රවණතාව 4% වැනි ඉතා අඩු අගයකින් සිදුවන්නෙ. එයට හේතුව තමයි අපේරටේ ගමේ ආර්ථික ජීවිතය ගොඩනැගී තිබීම. කෘෂි නිෂ්පාදනය, වාණිජ බෝග වගා, අපනයන බෝග වගා, එහෙම නැත්නම් වෙනත් කර්මාන්තයක් වශයෙන් ගමේ ආර්ථිකයට අවශ්‍ය කරන මූලික විභවයන් ගම්වල ඉතිරිවෙලා තියෙනවා” යනුවෙන් ඇමතිවරයා පැවසීය.