මහ කන්නයේ කුඹුරු ඉඩම් ලක්ෂ දෙදකට පමණ කාබනික පොහොර සකස් කර දීමට රජය පියවර තීරණය කර ඇතැයි පාර්ලිමේන්තු මන්ත්රී අතුරලියේ රතන හිමියෝ පැවසූහ.
‘ඩයිපොසින් ඇතුළු තවත් ආසනික් ඇතුලත් කාෂී රසායනික බෙහෙත් ගෙන්වීම නතර කර ඇති බවත් දැනට වගාවන් සඳහා යොදන ඇති ප්රමාණය සියයට අසූවකින් පමණ නතර කර ඇති බවත් උන්වහන්සේ පැවසූහ.
පොහොර සහනාධාරය වෙනුවට ගොවියාට මුදල් ලබා දිමෙන් එම මුදලට රසායනික පොහොර වෙනුවට කාබනික පොහොර මිළ දී ගැනිමට හැකියාව තිබෙන බවත් අක්කරයකට කිලෝ 300 ක් පමණ ප්රමාණවත් වන බවත් උන්වහන්සේ පැවසූයේ හම්බන්තොටදීය.