ඉදිරි මාස කීපය තුළ ශ්‍රී ලංකාවේ අතිශය වැදගත් ආර්ථික ප්‍රතිසංස්කරණ ගණනාවක් සිදු කිරීමට නියමිත බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ස්විට්සර්ලන්තයේ ඩාවොස් නුව පැවැත්වෙන ලෝක ආර්ථික සමුළුවට එක්ව ඇති අග්‍රාමාත්‍යවරයා ඩාවොස් නුවරදී ඊයේ (17දා) පැවැති මාධ්‍ය හමුවකදී මේ බව සඳහන් කළේය.
එසේම ලෝකයේ විශාලතම වෙළඳපොලවල් හතරකට ශ්‍රී ලංකාවේ නිෂ්පාදන විවර කරලීම සඳහා අවස්ථාව ළඟදීම උදාවන බවත් ඒ පිළිබඳව අවධානය යොමු කරමින් ජාත්‍යන්තර හා දේශීය ආයෝජකයන්ට ශ්‍රී ලංකාවේ ආයෝජන කිරිම සඳහා ආරාධනා කරන බවත් අග්‍රාමාත්‍යවරයා මෙහිදි සඳහන් කර තිබේ.