ආරක්ෂක ලේකම්වරයාගේ අවසරය මත රියදුරු අසුනේ දෙපස වීදුරුවලට තිරරෙදි සහ අඳුරු වීදුරු භාවිත කළ හැකි බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
පෙබරවාරි පළමුවැනිදා සිට රියදුරු අසුන දෙපස වීදුරුවලට තිරරෙදි භාවිත කිරීම හා අඳුරු පැහැ වීදුරු භාවිත කිරීම සපුරා තහනම් බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා සඳහන් කළේය.
මේ අනුව මේ පිළිබඳව අද (19දා) සිට 31 වැනිදා දක්වා රියදුරන් දැනුවත් කරන බවත්, ඉන් පසුව වැරදි කරන රියදුරන්ට එරෙහිව නීති මගින් කටයුතු කරන බවද හෙතෙම පවසා සිටියේය.