ආරක්ෂක රාජ්‍ය අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස සුනිල් සමරවීර මහතා අද (02දා) ආරක්ෂක රාජ්‍ය අමාත්‍යාංශයේදී රාජකාරී ආරම්භ කළේය.
කොළඹ විශ්වවිද්‍යාලයේ වාණිජවේදී විශේෂ උපාධිධාරියෙකු වන ඒ මහතා ඉන්දියාවේ මහත්මා ගාන්ධි විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර පරිපාලනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිධාරියෙකි.
ශ්‍රී ලංකා පරිපාලන සේවයේ වසර තිස්හතරක (34) පමණ අත්දැකීම් ඇති සුනිල් සමරවීර මහතා, ආරක්ෂක රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ධුරයට පත්වීමට පෙර අධිකරණ අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයෙකු ලෙස මෙන්ම සමාජසේවා අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයෙකු ලෙස රාජකාරී සිදුකර ඇති අතර, කලක් ගම්පහ ප්‍රාදේශීය ලේකම්වරයා ලෙසද කටයුතු කර තිබේ.