අහංගම නගරයේ ලංකා බැංකුව කොල්ලකෑමට පැමිණි සැකකරුවන් දෙදෙනෙකුට එහි ආරක්ෂක නිලධාරියෙකු සිදුකළ වෙඩි තැබීමකින් එක් සැකකරුවෙකු තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇති අතර, අනෙක් සැකකරු පලාගොස් තිබේ.
අද (19දා) පස්වරුවේ මෙම සිදුවීම සිදුව තිබේ. එක් ආරක්ෂක නිලධාරියෙකුගේ ගිනි අවිය උඳුරාගෙන බැංකුව කොල්ල කෑමට උත්සාහ කිරීමේදී අනෙක් ආරක්ෂක නිලධාරියා සිය ගිනිඅවියෙන් සැකකරුවන්ට වෙඩි තබා ඇත.
තුවාල ලැබූ සැකකරු පොලිස් ආරක්ෂාව යටතේ කරාපිටිය රෝහලේ ප්රතිකාර ලබයි.