ආයුර්වේද සම්භාහන මධ්‍යස්ථානයක් වටලා 7ක් අත්අඩංගුවට
මීගමුව පෙරියමුල්ල ප්‍රදේශයේ පවත්වාගෙන ගොස් තිබු ආයුර්වේද සම්භාහන මධ්‍යස්ථානයක් වටලා කාන්තාවන් සයදෙනෙකු ඇතුළුව ද්යෛවරයෙකු කොළඹ කොට්ඨාශ සංවිධානත්මක දූෂණ මර්ධන ඒකකය විසින් ඊයේ (20දා) අත්අඩංගුවට ගෙන ඇත.
මෙලෙස අත්අඩංගුවට පත් කාන්තාවන් පිරිස වයස 23-28 පසු වන්නන් බව එම ඒකකය පැවසීය .
කලක සිට ලද තොරතුරු මත උපාය දුතයකු යොදවා සම්භාහන මධ්‍යස්ථානය වැටලීම කල බවත් එම ඒකකය වැඩි දුරටත් සඳහන් කරයි.
වැටලීමට සිවිල් ඇදුමින් පැමිණ සිටි අය විසින් දර්ශන පටිගතවීම වැලැක්වීමේ අරමුණින් සම්භාහන මධ්‍යස්ථානය සවිකර තිබු ආරක්ෂක කැමරා කීපයක් කොස්සක් භාවිතා කර වෙනතකට හරවා මුදල් අයකැමි ලාච්චුවේ තිබු මුදල් ඇතුළු අත්‍යවශ්‍ය ලියකියවිලි අඩංගු ලිපිගොනුවක්ද රැගෙන ගොස් තිබු බවත් තම ආයතනය පවත්වාගෙන යාමට අවශ්‍ය සියළු බළපත්‍ර තිබියදි මෙලෙසින් පැමින සේවිකාවන් හට අසභ්‍ය වචනයෙන් බැනවැදි වෛද්‍යවරයා ඇතුළු සේවිකාවන් පිරිස අත්අඩංගුවට ගෙන රැගෙන ගොස් තිබු බව එහි හිමිකාරිනිය පැවැසීය.
සීදුව ප්‍රසාද් මුතුකුඩ
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

