ආයුර්වේද ඖෂධ නිෂ්පාදනය සදහා ඖෂධ සොයා ගැනීමේ අපහසුතාවය පිළිබඳව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ උපදේශක සභාවේ සාමාජිකයින් සෞඛ්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා සමග පැවැති සාකච්ඡාවක දී අවධාරණය කර සිටියේය.
සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ උපදේශක සභාව සෞඛ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී රැස්වූ අවස්ථාවේ මේ බව සඳහන් කළේය. මෙහිදි ආයුර්වේද ඖෂධ නිෂ්පාදනය සදහා ඖෂධ සොයා ගැනීමේ අපහසුතාවය පිළිබදව කමිටු සාමාජිකයින් පෙන්වා දෙන ලදි. එහිදී සෞඛ්‍ය අමාත්‍යවරයා සදහන් කළේ ආයුර්වේද ඖෂධ නිෂ්පාදනය සදහා අවශ්‍ය කංසා වගා කිරීම සදහා වූ ව්‍යාපෘති යෝජනාවක් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර ඇති බවයි.
ලෝකයේ රටවල් රැසක කංසා වගා කිරීම සදහා යොමු වී ඇති බව පෙන්වා දුන් සෞඛ්‍ය අමාත්‍යවරයා ආයුර්වේද ඖෂධ නිෂ්පාදනය සදහා කංසා වගා කිරීම තුලින් විදේශ විනිමය ලබාගත හැකි බව ද සදහන් කළේය. තව ද 2020 සිට දුම්කොළ වගා කිරීම තහනම් කිරීම හේතුවෙන් අපහසුතාවයට පත්වන ගොවි ජනතාව ආයුර්වේද ඖෂධ වගා කිරීම කෙරෙහි යොමු කිරීමට ද මෙහිදී යෝජනා විය.
උතුරු මැද පළාතේ සහ උතුරු පළාතේ ආයුර්වෙද ඖෂධ වගා කිරීමට උචිත ඉඩම් ඇති බව ද නිෂ්පාදනය කරන එම ඖෂධ ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව මගින් මිල දී ගැනීමට ද හැකියාව ඇති බව ද සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දෙන ලදි.