මේ වනවිට ප්රකාශයට පත් කර තිබෙන පළාත් පාලන ආයතන 93 හිම මැතිවරණය සඳහා මේ වසරේ සකස් කළ ඡන්ද හිමි නාමලේඛනය භාවිත කිරීමට මැතිවරණ කොමිසම තීරණය කර ඇත.
මේ අනුව අදාළ ඡන්ද හිමි නාමලේඛන තේරීම් භාර නිලධාරීන් විසින් සකස් කර තිබෙන අතර ඒවා පළාත් පාලන ආයතනවල ප්රදර්ශනය කිරීමට නියමිතය.
අදාළ නාමලේඛනවල නම සඳහන්ව නැත්නම් ඒ පිළිබඳව අදාළ දිස්ත්රික් තේරීම් භාර නිලධාරීන්ට ලිපියක් මගින් දැනුම්දීමටත් අවස්ථාව ලබාදීමට සැලසුම් කර ඇත.
දෙසැම්බර් 05 වන දිනට පෙර අදාළ ඉල්ලීම සිදු කළ යුතු අතර අදාළ නාම ලේඛනය 2017 වසරේ ඔක්තොම්බර් 21 වන දින මැතිවරණ කොමිසම සහතික කර තිබේ.