දේශීය ගොවීන් ආරක්ෂා කිරීමේ පියවරක් ලෙස ආනයනික අර්තාපල් සඳහා වන විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ඉහළ නැංවීමට රජය පියවර ගෙන තිබේ.
ඒ අනුව ආනයනික අර්තාපල් ක්‍රිලෝග්‍රෑම් එකක් සඳහා මෙතෙක් අය කළ රුපියල් 35ක විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ඊයේ (24) මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 40 දක්වා ඉහළ දමා තිබේ.
දේශීය අර්තාපල් අස්වැන්න වෙළෙඳ පොළට පැමිණීමේ දී එම ගොවීන්ට ඉහළ මිලක් ලබා දීම මෙම බදු ඉහළ නැංවීමේ අරමුණයි. අර්තාපල් සඳහා ඉහළ මිලක් ලබා දෙන ලෙස ගොවීන් දිගින් දිගට ම කළ ඉල්ලීම සැලකිල්ලට ගනිමින් රජය මගින් මෙම පියවර ගත් බව මුදල් අමාත්‍යාංශය කියයි.