එක්සත් ජාතික පක්ෂයේ නවක මුහුණුවලට වැඩි ඉඩක් ලබාදෙමින් පක්ෂය පූර්ණ ප්රතිසංවිධානයක් කරන බවත් ආණ්ඩුවට සහාය ලබාදෙන සියලු දෙනා සමග ඉදිරියට ගමන් කරන බවත් අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා පැවැසීය.
අග්රාමාත්යවරයා මේ බව පැවැසුවේ අද (05දා) සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවැති පක්ෂ ක්රියාකාරීන් සහ පාක්ෂිකයින් හමුවීමකදී අදහස් දක්වමිනි.
"වසර 03 කට පසු අපේ ආණ්ඩුව මෙවැනි විශිෂ්ඨ ජයග්රහණයක් ලබා ගැනීම පිළිබඳව අපි සතුටට පත් වෙනවා. මෙම විශ්වාසභංගයේදී ආණ්ඩුවට පක්ෂව වැඩි ඡන්ද 40 අධික ප්රමාණයක් ලැබුණා. මෙම විශ්වාසභංගය ඉදිරිපත් කර තිබුණේ ආණ්ඩුවටත්, මටත් විරුද්ධවයි. එම නිසා එය පරාජය කිරීමට උදව් උපකාර කළ සියළු දෙනාටම මම ස්තුතිවන්ත වෙනවා.
දැන් අපි අළුත් ගමනක් ආරම්භ කළ යුතුයි. ආණ්ඩුවට සහයෝගය ලබාදෙන සියළු දෙනා එකතු කර ගනිමින් රට වෙනුවෙන් හොඳ වැඩසටහනක් ඇති කරමින් අපි ඉදිරියට යනවා. මෙම දින කිහිපය තුළ අපි එම වැඩසටහන පිළිබඳව සාකච්ඡා කරනවා.
එක්සත් ජාතික පක්ෂය තුළ අළුත් මුහුණුවලට වැඩි ඉඩක් ලබා දෙමින් පූර්ණ ප්රතිසංවිධානයක් ඇති කරනවා. ඒ අනුව අපි 2020 මැතිවරණයට සූදානම් වෙනවා. ශක්තිමත්ව ඉදිරියට යාමේ විශ්වාසය දැන් අපිට ලැබී තිබෙනවා"