ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන නොදැනයයි ජනපති කතාව කිවේ
මන්ත්‍රීවරුන් 113 දෙනෙකු සිටියද තමාගේ ආශිර්වාදය නොමැතිව ආණ්ඩුවක් පිහිටු විය නොහැකියැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශයක් සිදුකර ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳව කිසිදු වැටහීමකින් තොරව බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පැවසීය.
විධායක ජනාධිපති ධුරයේ නිර්මාතෘ ජේ.ආර්.ජයවර්ධන මහතා ඇතුළුව හිටපු ජනාධිපතිවරුන් පස්දෙනා විසින් කිසිදු අවස්ථාවකදී මෙවැනි ප්‍රකාශයක් සිදු කර නැති බවද සභාපතිවරයා සඳහන් කළේය.
මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගිය ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අවස්තාවේදී සහ මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ දේහය ඉදිරිපිටදී ජනතාවට ලබාදුන් පොරොන්දු අමු අමුවේ උල්ලංඝනය කරමින් මෙම ප්‍රකාශය සිදුකර තිබෙන බවද ඒ මහතා ප්‍රකාශ කළේය.
ජී.එල්.පීරිස් මහතා මහතා වැඩිදුරටත් සඳහන් කළේ ආණ්ඩුවේ සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඇමතිවරුන් ඉවත් වන බවට ප්‍රචාරය වීම නිසා මෙම ප්‍රකාශය සිදුකර තිබෙන බවත්, පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 113 දෙනෙකුගේ සහාය නොමැති වුවහොත් අයවැය ලේඛනය පරාජයට පත්වනු ඇති බවත්ය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

