ආණමඩුව කාර්මික විද්‍යාලයේ පාඨමාලාවකට සහභාගී වීතවත් සිසුවියන් දෙදෙනෙකු සමග නිවස බලා යමින් සිටි සිසුවියකවෑන් රථයකින් පැමිණ කණ්ඩායමක් විසින් පැහැරගෙන ගොස් ඇති බවටඑම සිසුවියගේ ඥාතීන් ආණමඩුව පොලීසියට අද (15දා) පැමිණිලි කර තිබේ.
බලගොල්ල, මොන්නැකුලම පදිංචි එච්.එම්.මංජුලා දිල්හානි නැමැති 20 හැවිරිදි තරුණියක මෙසේ පැහැරගෙන ගොස් තිබේ.
සිසුවිය නිවස බලා යමින් සිටියදීවෑන් රථයකින් පැමිණි පිරිසෙන් එක් තරුණයෙකු මඳ වේලාවක් ඇය සමග කතාකර ඇති බවත්, ඉන්පසු දෙදෙනා අතර බහින්බස්වීමක් ඇති වූ බවත්, තරුණයා හා තවත් පුද්ගලයෙකු එක්ව මෙම තරුණිය බලෙන් වෑන් රථයට නංවාගෙන ඇති බවත් එම සිද්ධිය ඇසින් දුටු අනික් සිසුවියන් දෙදෙනා පොලීසියට ප්‍රකාශ ලබා දී තිබේ.