මුදල් අවභාවිත කිරීමේ චෝදනා යටතේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ඇමෙරිකාවේ හිටපු ශ්රී ලංකා තානාපති ජාලිය වික්රමසූරිය යළිත් ලබන 11දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ කොටුව මහේස්ත්රාත් ලංකා ජයරත්න මහත්මිය නියෝග කළාය. සැකකරු අසනීප තත්ත්වයක් හේතුවෙන් බන්ධනාගාර රෝහල් ගත කර ඇත. ඒ හේතුවෙන් ඔහු අධිකරණයටද ඉදිරිපත් නොවීය.