යුද්ධය පැවැති සමයට වඩා ආණ්ඩුව මෙවර ආරක්ෂක වියදම් වැඩිකර ඇත්තේ ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල උවමනාවට බව ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුවට එක්වෙමින් ලංකා සමසමාජ පක්ෂයේ නායක තිස්ස විතාරණ මහතා අද (28දා) පැවසීය.
ඇමෙරිකාවේ උවමනාව ඉන්දියානු සාගරයේ ක්‍රියාත්මක කිරීම සඳහා අධික වියදමක් දැරීමට වන බවත්, ඒ සඳහා ත්‍රිකුණාමලය වරාය සම්බන්ධව ගිවිසුම් අත්සන් කර ඇමෙරිකාවේ උවමනාව මත සෙබළුන් පුහුණු කිරීමට සැලැස්මක් තිබෙන බව විතරණ මහතා සඳහන් කළේය.
චීනය සහ ඇමෙරිකාව අතරේ ඇතිවී තිබෙන ගැටුම්කාරී තත්ත්වය මත ඉදිරියේදී යුද්ධයක් පවා ඇති විය හැකි බවත්, අප රට එම යුද්ධයට මැදිවිය හැකි බවත් හෙතෙම පවසා සිටියේය.